Sunday, November 11, 2012
කතා
Sean #1
ඔරලෝසුවත් කටු අතර ගිමන් අරින කොට මට වෙලාව නැවතිලා වද්ද කියලා සැක හිතුනා.ලාබෙට ගත්ත කාමරේ පුස් ගඳ නාහෙට දැනුනා වුනත් ඒකට වඩා මට දැනුනේ ඔයාගේ ඇඟෙන් ආපු සුවඳ... හත්ගව්වක් ඇත තිබ්බ මුහුදේ රුළි බිඳෙන හඩ ඇහුනෙ නැ.ඒකත් තිබ්බනම් මාර රොමැන්ටික් ගතියක් එන්නත් තිබ්බා.
කට කට හඩින් කැරකෙන ෆෑන් එකෙන් අපේ ඇඟේ දාහය නිවුනෙ නැ. ඒකෙන් වෙන්නේ අපේ කාමරේ සද්දේ පිට කාමර වලට ඇහෙන්නේ නැති එක විතරයි.
ඇය සුසුමක් හෙලුවා.. එතකොටත් මම ඇගේ කෙහෙරුළි එක්ක සෙල්ලම් කර කර හිටියේ.
ඇයි? රස්නෙද?
නෑ
එහෙනම්?
feeling guilty
එහෙම එකක් නැ. මං කිව්වනේ ඔයාට.. මේක වැරැද්දක් නෙවෙයි
දන්නවා කවදහරි මේක නවත්තන්න වෙනවා.අපි අපිට අයිති නැ. ඒත් හැමවෙලේම මාව ඔයාට බැඳෙනවා.. මටම හිතා ගන්න බැ ඒ ඇයි කියලා...
මං එයාටත් ආදරෙයි
ගෙදර ප්රශ්ණ ඇති කර ගන්ඩ එපා මම නිසා..
නැ මට ඒක බැලන්ස් කර ගන්න් පුළුවන්..
අපේ ගෙදර එනවා නේ හෙට... එයාගෙ බර්ත්ඩේ එක..
හ්ම් බලමු.. මං කොහොමද එයාගේ මූණ බලන්නේ?
වැඩිය හිතන්න එපා..
ඔයා එන්න..
වතුර බිංදුව බිංදුව ගලන ටැප් එකෙන් ඇඟ තියා මූන වත් හේදුනේ නැ හරියට.වෙන වෙනම එලියට ආපු අපි දෙන්නා බම්බලපිටිය හන්දියෙන් දෙපැත්තට ගියා.
_____________________________________________________________
Sean #2
හැමදාමත් වගේ අදත් ඇගේ උණූහුම හොයා ගෙන මං ආවේ පළඟැටියෙන් වගේ.හැබැයි ඒ ගින්නෙන් කවදා නමුත් දැවෙන්නේ ඈ ම තමා.
ඇයි පරක්කු?
තොල් පෙති නොසොල්වාම ඈ කතා කරනවා.
එදා ඔයා ලස්සනයි
අනේ මේ බටර් ඕනි නැ..
සුපුරුදු ෆෑන් එකේ සද්දේ මඟඅරිමින් ඈ කිව්වා.
මේ උපන් කැත වහන්න බෑ
මං දැක්කා එක වෙලවෙක ඔයාලා දෙන්නා එක ලඟ වාඩි වෙලා කතා කර කර හිටියා.
ඔව් ඉතින් කැම්පස් කාලේ ඉඳලම අපි දෙන්නා යාළුවෙනේ.. ඕක අරැමයක් යෑ..
ඒත් මගේ හිතට පොඩි ආඩම්බරයක් ආවා.ඔයාලා දැකලා.. මම කට කොනකින් හිනා වෙමින් කිව්වා.
ඒ මොකෝ?
නෑ ඉතින් මාව බෙදා ගන්නේ ඔය දෙන්නා නේ..මට හිතුනා විනාඩියකට මැදින් වාඩි වෙලා ඔය දෙන්නව දෙපැත්තට තුරුල් කර ගන්න.... දෙන්නම එක ලඟ ඉන්න කොට ඇත්තටම මටම පුදුමයි මං ඇයි මෙච්චර ඔයාට කැමති කියලා...
එයා ලස්සනයි නේ මට වඩා..
ආයෙත් මඟුලක් කියනවා.. ලස්සන සාපේක්ෂයි..
දන්නවා නම් එහෙම මගේ බෙල්ල කපයි..
නැ.. එහෙම වෙන් දෙන්නෙ නැ..
පහුගිය දේවල් ගැන හිතන්න එපා.. ගෙදරින් ගේන යෝජනාවකට ඔයා කැමති වෙන්න.. දැන් බඳින කාලේ හරි.. තනියම ඉන්න එපා..
ඒ පාර ඔයත් පටන් ගත්තද?
එච්චර වෙලා තුරුළු කරන් හිටපු පුස් ගඳ හමන කොට්ටෙන් මට දමලා ගහපු ඈ සුපුරුදු වතුර බිංඳුව බිංඳුව වෑස්සෙන ටැප්
එක හොයා ගෙන ගියා...
Subscribe to:
Post Comments (Atom)
3 comments:
සෑහෙන කාලෙකින් නොවෙද!
ඔය ටැප් වල වතුර ස්පීඩ් කරන්න ෙමාකක් හරි ෙමතඩ් ඒකක් ෙග්න්න ඔ්නි...හරිම කරදෙර් ඔය වතුර නැති ඒක හරියට...
ඔව් ගොඩ කාලයකින්... දිගටම ලියන්න කල්පනාව.. කියවන්න දෙයක් ඇතියි කියලා හිතෙනවා මගේ ඇට්ටේරියා ගහේ.. :)
Post a Comment