Thursday, December 30, 2010
ආදරේ ගැන හිතමු යලි යලිත්
අපි ආදරේ ගැන නිතර කථා කරනවා.විවිධාකාරයේ නිර්මාණ බිහිකරනවා.ඒත් මං මේ කියන්න අපි ආදරේ කරද්දි වරද්ද ගන්න තැනක් ගැන
කොල්ලො වැඩිපුරම ආදරේ පටන් ගන්න කලින් කෙල්ල ගැන ගොඩක් හොයා බලනවා. කෑවද බිව්වද කොහෙද ඉන්නෙ?class ඉවරද? ලෙඩ වෙලාද ඕවා මේවා
ඒත් මට කියන්න බලන්න කීයෙන් කීදෙනාද කෙල්ල කැමතියි කිවිවට පස්සෙ ඒවිදිහට කෙල්ල ගැන හොයා බලන්නේ?
හුඟක් කෙල්ලො කැමති තමන් ගැන හොයා බලන කොල්ලන්ට...
අඩුගානෙ කෑවද බිව්වද කියන එකවත්
ඒත් කොල්ලො හිතන්නේ දැන් වැඩේ හරි
කෙල්ල කැමති
මං දිනුම්
කියලා
ඒත් ඒ දිනුම පවත් වා ගෙන යන්න නම් ගෑණු ළමයා ගැන අනිවාර්යයෙන් හොයා බලන්න ඕනි.(හරියට අපි Computer එකක් ගත්තම After service තියෙනවා වගේ)
නැත්නම් එයා වෙන කෙනෙක් එක්ක යන කම් දන්නේ නෑ
ඒත් බනින්නෙ කෙල්ලට
තමන් අතේ වැරද්ද තියා ගෙන
හැබැයි මං කියන්නෙ නෑ කෙල්ලො එහෙම යන එක හරි කියලා
(පස්සෙ වෙලාවක ආයෙමත් මේ ගැන ලියන්නම්)
Subscribe to:
Post Comments (Atom)
1 comments:
අදමයි ඇට්ටේරියා ගහ යටට ආවේ.හොඳයි,දිගටම ලියන්න-අපි කියවනවා.:)
ඇත්තම ඇට්ටේරියා ගහක පින්තුරයක් දැම්මා නම් තවත් ලස්සනයි)
Post a Comment