skip to main |
skip to sidebar
අපි ආදරේ ගැන නිතර කථා කරනවා.විවිධාකාරයේ නිර්මාණ බිහිකරනවා.ඒත් මං මේ කියන්න අපි ආදරේ කරද්දි වරද්ද ගන්න තැනක් ගැන
කොල්ලො වැඩිපුරම ආදරේ පටන් ගන්න කලින් කෙල්ල ගැන ගොඩක් හොයා බලනවා. කෑවද බිව්වද කොහෙද ඉන්නෙ?class ඉවරද? ලෙඩ වෙලාද ඕවා මේවා
ඒත් මට කියන්න බලන්න කීයෙන් කීදෙනාද කෙල්ල කැමතියි කිවිවට පස්සෙ ඒවිදිහට කෙල්ල ගැන හොයා බලන්නේ?
හුඟක් කෙල්ලො කැමති තමන් ගැන හොයා බලන කොල්ලන්ට...
අඩුගානෙ කෑවද බිව්වද කියන එකවත්
ඒත් කොල්ලො හිතන්නේ දැන් වැඩේ හරි
කෙල්ල කැමති
මං දිනුම්
කියලා
ඒත් ඒ දිනුම පවත් වා ගෙන යන්න නම් ගෑණු ළමයා ගැන අනිවාර්යයෙන් හොයා බලන්න ඕනි.(හරියට අපි Computer එකක් ගත්තම After service තියෙනවා වගේ)
නැත්නම් එයා වෙන කෙනෙක් එක්ක යන කම් දන්නේ නෑ
ඒත් බනින්නෙ කෙල්ලට
තමන් අතේ වැරද්ද තියා ගෙන
හැබැයි මං කියන්නෙ නෑ කෙල්ලො එහෙම යන එක හරි කියලා
(පස්සෙ වෙලාවක ආයෙමත් මේ ගැන ලියන්නම්)
සින්ඩරෙල්ලා
උඹේ සපත්තුව පැටලිලා
මගේ පය ලෙස්සලා
පඩිපෙලේ පෙරළුනා
හොඳ වෙලාවට මගේ
උල ඇනුනෙ නෑ ඇඟේ
එහෙමනම් මං උඹව
තියන් නෑ ගෑනියේ.......
පුංචි නෙත් අගිස්සෙන්
කෝල බැල්මක් අරන්
මට කියා නොකිය ගිය
රහස මං හොයනවා
ඔය දෑත හෙමිහෙමින්
හිස මගේ පිරි මදින
මුදු සුවේ අද දිනේ
නැත්තෙ ඇයි හිතෙනවා
ආලවට්ටම් පුරන
හඳ එබෙන නිශා ඉම
ගෙවනකම් දොඩමළුවූ
ඔබේ හඩ මැවෙනවා
මගේ හද ගල් වලේ
නෙළුම් මල් පුබුදුවා
සුවඳ මට නොදී ගිය
කරුණ මං හිතනවා .......
සිගරට් දුම කාමරය පුරා හැල්මේ දිව යයි.ඇඳ අසල බිම තිබූ බෝතලය ටාාා ං හඩ නංවමින් පෙරලී ගියේ මගේ පයේ වැදීමෙනි. දෙසැම්බරයේ කටුක සීතල ඇටමිඳුළු පවා සීතලෙන් ගල් ගසන්නට සැරසෙයි.ජනේලයෙන් එපිට පොළවේ සුදු පාට හිම, තට්ටු පිට තට්ටුය.හීටරය නිසා වෙන් කාමරය උණුසුම්ය.
දහස් සැරයක් කියවූ ලිපිය ඇඳ මත උඩ බලා ගෙන හිඳී. ඊයේ සිට මේ වන තුරුත් මම ලිපියේ ලියා ඇති කරුණ ඇත්තක් යැයි අදහන්නට උත්සහ කරමි.එහෙත් තවමත් මට විශ්වාස කළ නොහැක.
නිශා...
ඇයි නිශා අපිට මෙහෙම වුනේ?
මම දෑතින් හිස කේ ඇද ගතිමි. වාරු නැති ලෙස ඇඳ මතට කඩා වැටුනෙමි.
යළිඳු ලිපිය අතට ගතිමි.
අසංක
මාව අමතක කරන්න.
මම දැන් නිශාන්ති නෙවෙයි
නිශාන්ත කෙනෙක්!!!!!!
වැස්ස නැවතීමට කිසිම කල්පනාවක් නැති හැටියකි.මං කරන්නේ මට ඕනි වැඩේ යි වැස්ස හිතනවාට සැක නැත.චිරි චිරි වැස්ස හිරිකිත වුවද රාජකාරියට යා යුතුය .
නැත්නම් බොස් ගේ උදහසට ලක් වී job කට්ට අනතුරේ වැටෙන්නට පුළුවන.
රබර් සෙරෙප්පු දෙක පයේ රුවා ගත් මා කුඩය ඉහළාගෙන ගෙයින් එළියට පිළිපන්නේ වැස්සට රවා ගෙනය.
අප්පච්චියේ....
අපේ ගේට්ටුව ළඟ සිට දිගටම දණක් උසට වතුරය...
දැන් සිත සිතා හිඳීමට කාලයක් නැත. මර වැස්සේ කලිසමේ කකුල් උඩටම නවා ගෙන මහා ජල ප්‍රවාහයට පැන්නෙමි.වතුර මා පිළි ගත්තේ දිය රැළි නංවමිනි.මාළුන් සිටිනවාට වඩා සර්ප පැටවුන් ඇඟේ නඟිතැයි මා බිය වූ නිසා හනි හනික බොහො අසීරුවෙන් සෙරෙප්පු දෙකත් බේරා ගෙන ගොඩට ආවෙමි.
දැන් යළිත් මනුස්ස වේසය ගත යුතුය.කලිසම් කකුල් දිග හැරගෙන වතුර ගසා දමා තාර පාරට ගොඩ වූයෙමි.
ජල ධාරාවෝ වේගයෙන් ගලා බසියි.
අංගාරා ගඟ ගලා බසී එක් වරම සිතට ආවේ ඒ වදනයි.එය ඈත අතීතයේ තිබූ වේදිකා නාට්‍යක නමක් බව පමණක් මතකයේ ඇත.
ජල පහර කපා ගෙන ඉදිරියට ඇදෙන රිය සක දෙපැත්තේ සියළු දේ ජලයෙන් තෙමාලයි.
ඒ නෑමෙන් බේරි මහපාරට එන විට එතන එකම කාලගෝට්ටියකි.
වාහන හතරඅතේය.මඟියෝ අතරමඟය.මඩ වලවල් බේරා මම කහඉර සොයා ගතිමි.වාහන නවතා ඇති zigzag පිළිවෙලට පාර මාරු වුනෙමි.
හප්පේ යංතං ඇ...
මේ මොනවද මේ???
කක්කුට්ටෙක්වත්ද?
එත් මේ ගෙන්දගම් පොළවෙ????
එක දිගට එක සමාන ගැඹුරින් යුතු පොඩි වළවල් සමූහයකි.
මෙය කක්කුට්ටෙකු පිට පැවරිය නොහැක.
මඩ වුන පොළව මත හරි අපුරුවට හිල් සමූහයකි.
සමහරක වතුර පිරී ඇත.
මෙහි අක්මුල් සොයන්නට මට සිතුන නමුත් බස් නැවතුම කරා යන ගමන නවතන්නට නොහැක.
බොස් ගේ කට ඇද වුන මුහුණ මතක් වීමත් සමඟ ඉබේම අඩිය ඉක්මන් විය.
මා ඉදිරියෙන් නෝනා කෙනෙකු සීරුමාරුවෙන් අඩිය තබමින් ගමන් කරයි
මට හීන් හිනාවක් කට කොනකට ආවේය.
හිල් හදන හොරා අතටම මාට්ටු විය!!
නෝනා ගේ සපත්තු අඩිය, අඩියක් පමණ දිගය.
එයින් වැටුනොත් සිදු වන්නේ කකුල උළුක් කර ගැනිමටය. එය මඩෙහි එරෙන විට අපූරු සමාන්තර හිල් සෑදේ.
ඈ අසීරුවෙන් ගමන් කරන්නේ මඩෙන් කකුල් දෙක ගලවමිනි.
දාස්පෙතියා මල් ඇට ටිකක් ගෙනාව නම් මරු...
මේ හිල් වලට දාන්න තිබ්බා. එහෙනම් ඉතිං මල් උයනක්........
මා කිව්වේ ඈට ඇහෙන්නටය.
කුඩය අස්සෙන් ගිනි පිටවෙන දෑසක් මා දෙස බලා සිටියි.ඇගේ අත කුඩ මිට කිටි කිටියේ වෙලා ගන්නායුරු ඇස් කොනට පෙනෙයි.
එන පොට හොඳ නැත.
මා මඩ නොතකා ඉදිරියට ඇදුනෙමි.
අනේ මේ ගෑණු!!!!!!
තමන්ට ඇවිදින්න පහසු සපත්තු ගන්න එපැයි
වැස්සේ ආරෝව මොහොතකට අමතක වී මට හොඳටම සිනා පහළ වුණි....
සරාගික සරා සඳ
පුරා නෙක හැඟුම් පැස
උනයි ඇගෙ වළා පිළි
ඇසින් කැඳවමින් තරු
වළා නැති අහස් ගැබ
දිහා ඇස් රුවාගෙන
මං බලන් උන්න විට
ඈ ඇවිත් මා ළඟට!!
සරන්නට සෙනේ ගඟ
විඳින්නට පෙම් පහස
ඇඳගනින් සඳේ උඹෙ
වළා සළු හනිහනික........
සරාගික සරා සඳ
පුරා නෙක හැඟුම් පැස
උනයි ඇගෙ වළා පිළි
ඇසින් කැඳවමින් තරු
වළා නැති අහස් ගැබ
දිහා ඇස් රුවාගෙන
මං බලන් උන්න විට
ඈ ඇවිත් මා ළඟට!!
සරන්නට සෙනේ ගඟ
විඳින්නට පෙම් පහස
ඇඳගනින් සඳේ උඹෙ
වළා සළු හනිහනික...