වැව් ඉවුරේ ගස් ටික එක යායට සිලිසිලි ගානවා
බංකුවට බර වෙලා මං අරමුණක් නැතුව ඔහේ බලන් හිටියා
ඔයා එකපාරටම මගෙ මූණට එබුනා.
කෝ.. චුට්ටක් හිනා වෙන්න කියාගෙන...
ඔයා අමාවක අහසෙ තරු හොයනවද?
මං ඇහුවේ හිතේ තිබ්බ ප්‍රශ්නත් එක්ක හිනා වෙන්න බැරිකමට..
කවුද අයියේ අමාවක අහස?
මම..
නෑ.. ඔයා තරු පිරුණ අහසක්.....
එයා හිනා වෙලා මගෙ උරහිසට හේත්තු වුණා.
අහස දන්නෙ නෑ එයා කොච්චර ලස්සනද කියලා......
ආයෙමත් එයා ඔළුව උස්සලා මගෙ දිහා බලලා බෙල්ල ඇල කරලා හිනා වුනා..
ඒ හිනාවත් එක්ක ම මගෙ හිතේ බරත් ඈතට පා වෙලා හිනාව එළියට පැන්නා.
හෙමින් සීරුවෙ එයාගෙ කර වටේ අත දාලා එයා ව මගේ තුරුල්ලට ඇදලා ගත්තේ හිතේ පුරවා ගත්ත ආදරෙන්.......
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව
7 months ago
0 comments:
Post a Comment