Sunday, October 24, 2010

අතරමඟදී.....

මම පහුගිය සති අන්තෙ හලාවත පැත්තෙ ගියා.. පොඩි change එකකටත් එක්ක... මුහුදේ බහින්න ආසාවෙන් හිටියත් ඒක දැක්කම බහිනවා තියා ලඟට යන්න හිතුනෙ නෑ..
මඟදි තැඹිලි ගෙඩියක් බොන්න ඕනි වෙලා පොඩි කඩයක් අයිනෙ වාහනේ නැවැත්තුවා..
මම එතකොටයි දැක්කෙ
කඩේ ඉන්න කට්ටිය..
කොල්ලො දෙන්නයි
බල්ලො දෙන්නයි
මල්ලෙ කුකුළයි
තැඹිලි වල්ලයි
කොල්ලෝ දෙන්න ඇවිත් හිට්යෙ කුකුළෙක් (ඇත්තටම කිකිළියක්) මල්ලක දාගෙන... මං ඇහුවම කිව්වෙ විකුනන්න කියලා.
එක කොල්ලෙක් ගෙ අතේ තවත් මොකක්දෝ ගුලි කරගෙන ඉන්නවා මං දැක්කා.පස්සෙ බලන කොට තරමක කුකුල් පැටියෙක්!
කිකිළිගෙ පැටියා...
කිකිළිත් සද්ද නැතුව මල්ලට වෙලා ඉන්න එක ගැන මට පුදුමත් හිතුනා..
බිත්තරත් ගනන් මේ කාලෙ
කිකිළිව මසට විකුණන්නේ නැතුව කවුරු හරි ඇති කරන්න ගත්තා නම්
මොකද කියලා මට හිතුනා.

0 comments:

Post a Comment